ඇමතිතු​මී – 10 – Sinhala Wela Katha


Dive into the latest post titled ඇමතිතු​මී, where Sinhala Wela Katha fans can enjoy a captivating story filled with suspense and human drama. Experience an engaging narrative that brings everyday tales to life in a way only authentic Sinhala storytelling can.

ඇමතිතු​මී කතාවේ කලින් කොටස් කියවන්න: සියලුම කොටස්

මනනන්දනගේ සැගවුනු වදකාගාරයෙන් බේරී පලා ආ අපි සෑහෙන දුරක් වනගත පෙදෙස් පසු කරමින් පැමිනියා… අපට නගර බද පෙදෙසක් හමු වීමට පැයකට ආසන්න කාලයක් ගත වන්නට ඇතැයි යන්න මගේ නිගමනය උනා…

“බොස් අපි කොහෙටද යන්නෙ… මැඩම්ව කෙලින්ම බංගලාවටම එක්කගෙන යනවද නැත්තන් හොස්පිටල් එකකට එක්කගෙන යනවද….”

එවිට මාත් කල යුත්තේ කුමක්ද යන්න ගැන කල්පනාවකට වැටුනා… දැන් මෙලෙස බංගලාවට ගියොත් එගි විශාල පිරිසක් රැස්ව සිටිනවා නොඅනුමානයි… ඔවුන් සියලු දෙනා සිදුවූ දෙය දැනගතහොත් එය මැඩම්ගේ කීර්ති නාමයට හානියක්…

හොස්පිටල් එකකට රැගෙන ගියද සිදුවන්නේ එයමයි… එනිසා ඒ ඔප්ෂන් දෙකෙන් එකක්වත් නොගැනීමට මා තිරනය කරා…

“නදුන… කෙලින්ම යමන් නුවරඑලි… මම උබට ශෙයා කරන්නම් ලොකේශන් එකක් ඒකට යමන්…”

මම නදුන්ට මැඩම්ගේ ටී ස්ටේට් එකේ ලොකේශන් එක ශෙයා කරා…

මේ අතර මැඩම්ගේ හුස්ම ගැනීමද වරින් වර මම පරීක්ශා කරා… ඇය සුවෙන් සිටියද කායිකව ලද පීඩනය මෙන්ම ඊටත් වඩා මානසිකව කඩා වැටී ඓටි හෙයින් අඩපනව සිටියා…

මේ අතරතුර මම චන්දන මහත්තයට කෝල් කරල සම්පූර්න විස්තරය කිව්ව…

අපි නිර්පද්රිතව ඉන්නව කියල දැනගත්තම ඔහු ඉමහත් සතුටට පත් උනත් වසූ මැඩම්ට මූන දීමට සිදුවෙච්ච දේ ඇසූ පමනින් ඔහු කම්පා උනා…

මනනන්දනගෙන් කෙසේ හෝ පලි ගන්න බවට ඔහු ගිගුරවමින් දිව්රුව…

ඔහුගේ අදහස උනේ මෙය තව දුරටත් රහසක්ව පවත්වා ගැනීමයි… එය මැඩම්ගේ ගරුත්වයට වගේම චන්දයට වාසියක් ලෙසද අපට යොදාගතහැකිබව අදහස උනා….

මේ වන විටත් මේ සිද්දිය නිසා මනනන්දනගේ ජනප්රියත්වය සෑහෙන ලෙස අඩුවී තිබුනා…

බොහෝ දෙනෙකු මේ සිද්දියට මනනන්දන වරදකරු කර අවසන්ව තිබුනා…

චන්දන මහත්තය ටී ස්ටේට් එකට ආරක්ශාව ඉක්මනින් සලසල දෙන්නම් ලෙසත් ඉදිරියේදී සිදුවිය යුතු දේ ගැන උපදෙසුත් ලබාදෙන බවට කතිකා කරගනිමින් කතා බහ අවසන් උනා…

එදින සවස් වරුව වන විට අපි තේ වත්තට ලගා උනා…. චන්දන මහත්තය පොරොන්දු වූ ලෙසම අපි එන විටත් වත්තට ආරක්ශාව දැඩි කරලයි තිබ්බෙ… තේවත්ත බංගලාව විශාල වත්තක් මැද පිහිටල තිබ්බෙ බාහිර පරිසරයෙන් සෑහෙන්න වෙන් කරලයි…එනිසාඅ උපරිම පද්ගලිකත්වයක් වගේම ආරක්ශාවක්ද හොදින් ලැබුන….

බංගලාවට අපි පැමිනි වහාම මම වසූ මැඩම්ව ඔසවාගෙන ඉහල මාලයේ ඇති කාමරය වෙත රැගෙන ගියා… ඇය තවමත් සිටින්නේ සිහිසුන් තත්වයේයි…

ඇයව ඇද මත තැබූ මම චන්දන මහත්තයා ඇමතුවා…

“හලේ චන්දන මහත්තය… අපි දැන් බංගලාවට ආව…”

“දැන් කොහොමද වසූට …”.

“තාම සිහිය නෑ මහත්තය… ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල ඉමුද…”

“ආවට ගියාට ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න බෑ තිවංක… විශ්වාස වන්ත කෙනෙක් වෙන්න ඕනෙ… මම අපේ ෆැමිලි ඩොක්ටර්වම ඔහෙට පිටත් කරා… ඉක්මනට බංගලාවට එයි…”

“ඒක හොදයි චන්දන මහත්තය…”

“මටත් වසූව බලන්න එන්න ඕනෙ… කෙල්ල මානසිකව වැටිල ඇත්තෙ… අපි ලගින්ම ඉන්න ඕනෙ වෙලාවක් මේක්…”

“ඒක සේෆ් වැඩක් නෙමේ නේද බොස්… මොකද දැන් මනනන්දනය වෙඩිකාපු ඌර වගේ ඇත්තෙ… දැන් මේක ලීක් වෙයි කියල තව බය වෙලා ඇත්තෙ… ඒ නිසා මැඩම්ව නැති කරලම දන්න ඌ ඕනෙම දෙයක් කරයි… අනිවාර්යෙන් බොස්වයි ඔය ගෙදර හැම කෙනාවමයි ෆලෝ කරනව ඇති… ෆෝන් උනත් ටැප් කරන්න ඉඩ තියනව…”

“ඒක ඇත්ත අයිසේ… අපි බලමුකො… හැමදේම තමුසෙට බාරයි… වසූව කොහොමහරි පරිස්සම් කර ගන්නව… මෙහෙ දේවල් මම හැඩ්ල් කරන්නම්…”

“ඕකේ බොස්… අනිවාර්යෙන්… මැඩම්ව මගෙ පනටත් වඩා පරිස්සම් කරනව…”

ඩොක්ටර් පැමිනෙන තෙක් මම උනු වතුර එකක් ගෙන මැඩම්ගෙ ඇග තවමින් තෙත මාත්තු කරමින් ඇයව පිරිසිදු කිරීම සිදු කරා…

පැය දෙක තුනක කාලයක් ඇතුලද දොස්තර වරිය පැමිනියා…

වසූ මැඩම්ව පරීක්ශා කල ඇය, “දැනට නම් වසූ ස්ටේබල් ඉන්නව… මම දැනට බෙහෙත් ටිකක් දුන්න.. එයාට ඒවට හොදට නින්ද යයි… මුලින්ම එයාට විවේකය අවශ්යයි… ඊට පස්සෙ එයට මානසික ශක්තිය අවශ්යයි.. මෙහෙම දේකට මූන දුන්නට පස්සෙ ඕනෙම ශක්තිමත් කෙනෙක් වැටෙනව… එයාල සියදිවි හානි කරගන්න ලෙවල් එකට වෙනකන් යන්න පුලුවන්… ඒ නිසා හොදට එයාව පරිස්සමට බලාගන්න…” මට උපදෙස් ලැබුන…..

වයිද්යවරිය පිටවයාමෙන් අනතුරුව මම වසූ මැඩම් අසලම රැදී සිටියා… වද්යවරියගේ වදන් මගෙ හදවතට බයක් ගෙන ආවා…. වසූ මැඩම් මේ සිද්දිය නිසාම ඇගේ ජීවිතයට හානියක් කර ගනී යැයි බියක් මට හටගෙන තිබුනා…

මෙසේ වසූ මැඩම්ගේ ඇද අසලටම වී ඈ දෙස බලාගෙන ඇයට සිහිය එනතුරු කොතරම් වෙලා සිටියාද කියා මට අදහසක් තිබුනේ නෑ….

වසූ මැඩම්ට යන්තම් සිහිය විත් අමාරුවෙන් ඈ ඇස් හැර බැලුවා…. ඇගේ අඩවන් නෙත් වලින් මා දෙස බලාගෙන අමාරුවෙන් වචන ගැලපීමට උත්සහ කලත් ඇයට එය සිදු කර ගත නොහැකි උනා…

මම වහාම ඈ අසලින් ඇදේ පසෙක ඉදගෙන ඈට වතුර ස්වල්පයක් බීමට ලබා දුන්නා…

ඉතාම අපහසුවෙන් ඒ වතුර ස්වල්පය තොල ගෑ වසූ මැඩම් මා දෙස අසරනව අඩවන් දෑසින් බලාගෙන සිටියේ මාගේ හදවත තවත් කම්පා කරවමිනුයි…

“අනේ තිවංක…” මගෙ දිහා කදුලු පිරුනු දෑසින් බලාගෙන හිටිය වසූ මැඩම් එකපාරම මගෙ පපුව අස්සෙ මූන හංගගෙන අඩන්න පටන් ගත්ත…

මම මැඩම්ගෙ ඔලුව අතගාමින් ඇයව අස්වැසුව… ඇයට ඇති තරම් අඩන්න දුන්න… ඇයව මගෙ පපුවට තද කරගෙන ඔලුව අතගෑවෙ මට ඇය ගැන දැනුනු පුදුම තරම් සෙනෙහස නිසාමයි…

“අඩන්න එපා මැඩම්… හැමදේම හරියයි…. මේ දේවල් හැමදේම දැන් අමතක කරල දාන්න… මේ හැමදේකින්ම අවාසිය උනේ ඌටමයි… මැඩම්ට උන දේ රහසක්… ඒක කිසිකෙනෙක්ට දැනගන්න ලැබෙන්නෙ නෑ… අපි හැමදෙම අලුතෙන් පටන්ගමු…”

“මට ජීවත් වෙලා වැඩක් නෑ තිවංක… අර නරුමය මාව විනාසකරා…”

“හිතුවක්කාර වෙන්න එපා මැඩම්… මැඩම් ඒ වගේ මෝඩ තීරන ගත්තොත් දිනන්නෙ උන්ම තමා… මැඩම් මේ දේවල් වලින් තව හිතට හයිය ගන්න ඕනෙ… අපි පෙන්නමු උට අපි පරාද වෙන්නෙ නෑ කියල… අතුකෝරාල ඇමතිතුමාගෙ දුව ලේසියෙන් පරද්දන්න බෑ කියල….”

අතුකෝරාල ඇමතිතුමාව මතක් කල සැනින් ඇගේ දෙනෙතට ආවේ ආලෝකයක්… ඒ ඇය මේ හැමදේම කරන්නෙ ඇගේ මියගිය පියා වෙනුවෙන් නිසයි…. ඇය දේශපාලනයට ඒමට ප්රදානම හේතුව උනෙත් ඇගේ පියයි… ඔහු වෙනුවෙන් කැපකිරීම් කිරීමට සූදානම් දිරිය දියනියක් වූ ඇය කිසිද පරාජය බාරගැනීමට අකමැති උනේ ඇගේ පියාගේ නාමයෙනුයි…

ඇය තවමත් මගේ උරමත හිස තබා ගෙනම සිටියා… මම තවමත් ඇගේ හිස අතගාමින් සිටියා…

“මට අරූගෙන් පලිගන්න ඕනෙ තිවංක… මම ඌව නැත්තටම නැති කරල දානව… ඔයා මට උදව් කරනව නේද අහ්…” ඇය එකවරම හරිම ආදරනීය බැල්මකින් හිස ඔසවා මගෙ දිහා බලමින් ඇහුව…

If you love exploring unique perspectives in Wal Katha Pituwa, this intriguing post unfolds a world of emotions and relatable characters. Perfect for readers seeking a well-crafted Sinhala story, this article promises to draw you in from the very first line.

“ඔව් මැඩම්… මැඩම් වෙනුවෙන් ඕනෙම දෙයක් කරනව…. මැඩම් වෙනුවෙන් කවුරුත්ම නැති උනත් මොන දේ මොන කෙනා නැති උනත් හැමදාටම හැමදේටම මම ඉන්නව…”

එසේ කියත්ම ඇය හරිම ආදරෙන් මාව බදාගත්තෙ මගෙ ඉන වටේට අත දමාගනිමින්…

තවමත් ඇයට ඇදෙන් නැගිට ගැනීමට තරම් සුවයක් තිබුනේ නැතත් ඇද මත හිද එකවරම මා බදාගත්තෙ ඇයට ඇගේ සවියට කෙනෙකු සිටින බව දැනුනු පසු දැනුනු සතුට නිසාම විය යුතුයි….

මෙසේ සතියක පමන කාලයක් ගත උනා….

දැන් වසූ මැඩම්ට හොදටම සුවයි… ඒ සතිය පුරාවටම වයිද්යවරිය විසින් දිනපතා වසූ මැඩම්ව පරීක්ශා කරමින් ඇයට අවශ්ය ප්රතිකාර ලබා දුන්නා…

දැන් ඇයට සුව වී ඇති අතර අපේ මීලග පියවර ගත යුතුයි….

තවමත් අප හමුවීමට පිටස්තර කිසිවෙක් නොපැමිනි අතර චන්දන මහතා විසින් එය වලකා දමා තිබුනේ අප සැගවි සිටින ස්තානය රහසක්ව තබාගත යුතු හෙයිනෙ….

ඇමතිතුමී නිරුපද්රිතව සිටින බව මැතිවරණ වේදිකාවකම හෙලිකරන ලද චන්දන මහතා ඇයගේ ආරක්ශාව වෙනුවෙන්ම ඇයව දිගටම සගවා තබා ගන්නා බවත් ප්රකාශ කරා…

මේ කාල පරිච්ඡේදය තුල ඉතා වියරුවෙන් කටයුතු කල මනනන්දන, අප පක්ශයේ පක්ශ කාර්යාල කඩා බිද දමමින් වියරු සත්වයෙක් මෙන් බීශනකාරීව කටයුතු කලේ ජනතාව අතර තව තවත් අප්රසාදයට පත් වෙමිනුයි.. එය අපට දිගින් දිගටම වාසියක් උනා…

මේ අතර මේ සතිය තුල මාත් වසූ මැඩමුත් සෑහෙන්න ලං වෙලා තිබුනා… ඇය ඇගේ ඕනෑම දෙයක් කතා කිරීමට වගේම ඇගේ ඕනෑ එපාකම් සියල්ල නොපැකිලිව මා සමග පැවසීමට දෙවරක් සිතුවේ නෑ…

මේ කාලය තුල අපි ඇගේ දේශපාලන පුනරාගමනයට සැලසුම් සකස් කරා…

මේ අතර දැන් ඇය නිතරම රාත්රියේදී බියවී ඇහැරීමට ලක් වෙමින් පැවතුනා… ඊට හේතුව උනේ ඈ මුහුනදුන් බියකරු අත්දැකීම විය යුතුයි… මෙනිසාම ඇයට නින්ද යනතුරු ඈ අසල සිටීමට මා හුරුව තිබුනා…

දිනක් එසේ ඈ අසල සිටියදීම මා හට නින්ද ගොස් තිබුනේ ඇගේ ඇදමතම ඇදේ අයිනට වන්නටයි… ඒ ගැන කිසිදු මතකයක් නොමැතිව අවදි වූ මා එකවරම සුපුරුදු ලෙසම නිදිමරගාතේම ඇදේ අනෙක් පසට රෝල් උනා…

එකවරම මම ගැස්සී පියවි සිහියට ආවේ මා දෙස ඇසිපිය නොහෙලා බලාසිටින වසූ මැඩම් දුටුවිටයි…

“අහ්…අනේ… සොසො… රිරි.. මැඩම්… මට දන්නෙම නැතුව මෙතන නින්ද ගිහින්… අයෑම් රියලි සොරි…” එසේ කියමින් මම ඇදෙන් බිමට පැන්නේ හීයක වේගයෙන්…

එය දෙස බලාසිටි වසූ මැඩම් කොක් හඬලා සිනාසෙන්නට උනා.. ඇගේ සිනහව දුටු මටද සිනහව පාලනේ කරගත නොහැකි උනා…

“අනේ මොකද මැඩම්… මට දන්නෙම නැතුවයි නින්ද ගිහින් තියෙන්නෙ ” මම දුකින් වගේ පැවසුවා…

“හරි ලමයො… මම වැරැද්දක් කිව්වද… මට හිනාගියෙ ඇදෙන් බිමට පැන්න විදිය දැකල…” ඇය තවමත් සිනාසෙමින් සිටියා..

“මහ මෝඩයෙක් අප්ප ඔයානම්… බොරුවට බයවෙන හැටි…” ඇය කිව්වේ හරිම හුරතලෙන්…

ඇය එසේ කියන විට මට දැනුනේ.ලැජ්ජාවක්… මම ඇබරෙමින් වචන ගලපාගත නොහැකිව බලා සිටියා…

“කෝ එන්න මෙතනින් ඉදගන්න… බොරුවට ඇදෙන් බිමට පැන්නත් එක්ක…” ඇය තවමත් මා හට සිනාසෙමින් සිටියා…

ඇදේ අයිනේ වාඩි වූ මා ඈ කුඩා දරුවෙකු මෙන් පිස්සුවෙන් සිනාසෙන දෙස හරිම ආසාවෙන් ආදරෙන් බලා සිටියා…

“මට ඊයෙ නම් හොදට නින්ද ගියා… ඔයා මේ ඇදේම හිටිය නිසාද කොහෙද… ආය දිගටම මේ ඇදේම ඉන්න ඕනෙ හරිද…” ඇය හරිම දගකාර ලෙස කියා සිටියා….

“ඒත් මැඩම්….”

“ඒත් මේත් නෙමේ… මාව ඊයෙ හීනෙන් බය උනෙත් නෑ හොදට නින්ද ගියත් එක්ක… ඒ හින්ද ඔයා අද ඉදන් මේ ඇදේම ඉන්න ඕනෙ එච්චරයි…” ඇය පොඩි කෙල්ලෙකු මෙන් හිතුවක්කාර ලෙස කියා සිටියා…

ඇගේ ඉල්ලීමට ඉහලින් යා නොහැකි නිසා මා හිස සොලවා ඈ සමග එකඟ උනා…..

දැන් හැමදාම රෑට මම වසූ මැඩම් සමග එකම ඇදේ නිදාගන්න පටන් අරන්ගෙනයි තිබුනේ…

මට ඇය ගැන කිසිම විටෙක වැරදි ලෙස අදහසක් ඇතිවෙලා තිබුනේ නෑ..ඇයව නිරුවතින් හා ඇයට අතවරය සිදුවන අයුරු ඇස් දෙකෙන්ම දැක තිබුනත් ඈ ගැන කිසිදු ආකාරයක වරදකාරී හැගුමක් මා හට ඇතිවී තිබුනේ නෑ…

දිනෙන් දින ඈ හා මා එකිනෙකා වෙල ලං උනා… මේ පාලු බංගලාව තුල ඈහට සිටින එකම මිතුරා මෙන්ම විස්වාසවන්තයාද උනේ මා පමනයි… එනිසාම ඈ කිසිදු බියකින් තොරව මා හට ලං උනා… මැඩම් යැයි පැවසීමද තහනම් කල ඈ වසූ ලෙස ඇමතීමට නියෝග කලේ කිහිප වතාවක් කල ඉල්ලීම් මා විසින් කනකට නොගත් නිසාවෙනුයි…

ඉතින් ඔය ලෙස කෙමෙන් කෙමෙන් එකින්නෙකා වෙල ලං වූ අප අපටත් නොදැනීම බැදීමක් ඇතිකරගෙන තිබුනා… දැන් ඈහට මා නැතුවම බැරි වී තිබුනා…

සෑම සවසකම මිදුලේ බංකුව අසල හෝ බැල්කනිය මතට වී මා සමග හුරතල් වෙමින් කුටු කුටු ගාමින් සිටීම ඈ ඉතා සතුටින් සිදු කරා…මාද ඇයව හැම විටම සතුටින් තැබීමට විහිලු තහලු කරමින් මෝඩ කතා කියමින් හැම විටම ඈව හිනැස්සුවා… ඇය මාගේ වාචාල කියවිල්ලට ආසා කරා… මැඩම් තත්වයෙන් ඉවත්ව මිතුරියක තත්වයට පත්වූ පසු කිසිදු පැකිලීමකින් තොරව

වාචාල අයුරින් ඈ හා දෙඩවීමට මා පැකිලුනේ නෑ…

මේ අතර ඇදේ දෙපසක නිදාගනිමින් සිටි අප දැන් එකට ගුලිවී නිදාගන්නා තරමට සමීපව පැවතුනා… නමුদু තවමත් ඈ මාහටවත් මා ඈ හටවත් ආදරය හෝ කිසිවක් මුවින් පවසා තිබුනේ නෑ.. එකට ගුලිවී නිදාගැන්මක් හෝ තුරුල් වී කතා කර කර සිටීමක් හැර ඉන් එහා දෙයක්ද අප අතර සිදුවී තිබුනේ නෑ… අප අතර ඇති බැදීම කුමක්ද යන්න අපටමද අදහසක් පැවතුනේද නෑ…

මේ අතරම චන්ද දිනයත් ලගා උනා…. හැම අතින්ම උනුසුම් වූ මේ චන්දය ජනතාව ඉතා උද්යෝගයෙන් චන්දය බාවිත කරමින් ගත කරා…

වසූ හා මම චන්දය දැමීමටවත් නොයා සිටියේ චන්දන මහතාගේ උපදෙස් පරිදි ආරක්ශාව උදෙසායි… ඔහුගේ අදහස උනේ මේ චන්දය අප පරාජය වුවහොත් වහාම වසූ මැඩම්ව පිටරටකට යැවිය යුතු බවත්, අප ජයග්හනය කලහොත් අප අතට පාලනය එනතෙක් මනනන්දනට පාලන බලය පවතින හෙයින් තව දුරටත් සැගව සිටීම ආරක්ශිත බවයි…

චන්ද දිනය අවසන් වූ වහාම අප බලා සිටියේ ප්රතිපල දෙසයි…

වසූ මාගේ තුරුලේම හිස තබා අප දෙදෙනාම සැටියට වී රූපවාහිනී තිරය දෙස බලා සිටියේ චන්ද ප්රතිපල ලැබෙන තෙක් නොයිවසිල්ලෙනි…

මද්යම රාතිය පසුවන විටත් කිසිදු චන්ද ප්රතිපලයක් නිකුත්ව තිබුනේ නෑ… මේ අතරම වසූට මාගෙ ඔඩොක්කුවේම හිස තබාගනිමින් නින්ද ගොස් තිබුනා…

පාන්දර එක පමන වන විට තැපැල් චන්ද ප්රතිපල ලැබෙමින් පැවතුනා… ඒ සියල්ලගේම වාසිය අත් උනේ මනනන්දනටයි… ඔහු විසින් ඔහුගේ ජනාදිපති බලතල අයුතුලෙස බාවිත කරමින් රාජ්ය සේවක වැටුප් දීමනා වැඩිකරමින් ඔවුන්ගේ චන්ද සොරාගැනීමට සමත්ව තිබුනා…

මේ ප්රතිපල සදහා මම වසූව අවදි නොකර සිටීමට තීරනය කරා..

ඉන්පසු උදෑසන වෙද්දී කෙමෙන් කෙමෙන් චන්ද ප්රතිපල ලහි ලහියේ නිකුත් වෙමින් තිබුනා…

Unlock fresh excitement with Sinhala Wela Katha New, where each story is infused with raw emotion and cultural depth. Perfect for readers eager to discover the latest sensations in Sinhala literature, this post guarantees an experience that feels both personal and thought-provoking.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *