Ammage Kamarishtaya – 27 pushes the narrative boundaries even further, making it a top priority for those following Wal Katha Sinhala. This chapter focuses on the internal conflicts and the growing boldness of the main characters, delivering a realistic and high-quality narrative that captures the essence of modern Sri Lankan family drama.
සීයා අඳුනෙන් දුටු දේ නම්. අචිනි ඝන අඳුරේ වත්ත පහළ ඇල අයිනේ තිබූ ගලක් මත ඉඳගෙන දෑතින් මුහුණ වසාගෙන අඬමින් සිටි අතර ඇය අවට පරිසරයෙන් අඳුරු අවතාර මතුවෙමින් සෙමින් සෙමින් ඇය අසලට ළං වෙමින් සිටි අයුරුයි. සීයාබිය වූයේ අවතාර වලට නොව.ඔහු අවතාර වලට තියා යක්ෂයෙකුටවත් බය පුද්ගලයෙකු නොවෙයි. ඔහු බිය වූයේ අචිනි අසලට ලං වන අඳුරු අවතාර ඇගේ ශරීරයට ඇතුල් වී ඇයව ඇල මැදට ගෙන ගොස් දියෙහි ගිල්වා මරා දැමිය හැකි බව දැනගත් නිසාය.
සීයා ඝන අන්දකාරයේම දිවගිය අතර ඔහු පසුපස විදුලි පන්දම දල්වාගෙන වේගයෙන් අනිල් ද දිව ආවේය. සීයා ඇල අසලට යන විට අඳුරු අවතාර අචිනිට ඉතා ආසන්නයේ සිටියේය. සීයා අචිනි හිඳගෙන සිටි ගල අසලට අඩි දහයක් තරම් දුර සිට අඩි හයක් තරම් ඉහලින් වේගයෙන් පැන්නේ චීටාවකු පරිද්දෙනි. සාමාන්ය මනුෂ්යයෙකුට එවැනි පිම්මක් කිසිසේත්ම පැනිය නොහැකිය. මේ සියල්ල සීයා පිටිපස්සෙන් දිව ආ අනිල් දුටුවේය. අනිල් දෑස් වල ගාගෙන සිටි අඳුනේ බලයෙන් අචිනි අසලට ලංවෙන අවතාර දුටුවේය.
සීයා: කොලුවෝ… විජහට මෙහෙවර.. රැකපං කෙල්ලව..
සීයා අනිල් දෙසට හැරී කෑ ගසා කීවේය. වහා දිව ගොස් අචිනි නැගිටුවා ඇයව දෑතින්ම බදා තුරුල් කරගත්තේය. අචිනිට සිදුවන කිසි දෙයක් තේරුම් ගත නොහැකි විය ඇයට අවතාර පෙනෙන්නේද ඇහෙන්නේද නැත. සීයා සහ අනිල්, අචිනි අසලට ආ විට ප්රකෝපකාරී වූ අඳුරු අවතාර අචිනිගේ සිරුරට ඇතුල්වීමට මාන බලමින් වේගයෙන් ඒ මේ අත සැරිසරන්නට විය. සීයා වහා දුම්මල මල්ල ඔහුගේ එක් කරකට දා පන්දම මුව අසලට රැගෙන මන්ත්රයක් ජපකර පන්දමට පිම්බ සැනින් වහා පන්දම ගිණි ඇවිලි ගියේය. දුම්මල මල්ලට අත දමා දුම්මල මිටක් ගත් සීයා මහා හඬින් කෑ ගසමින් අවතාර එළවීමට යොදාගන්නා අති ප්රබලතම මන්ත්ර දුම්මල මිටට ජප කරමින් අචිනිව ඩැහැගැනීමට ඉදිරියට පැමිණෙන අඳුරු අවතාර වලට ගිනි ඇවිලෙන පන්දම තුළින් දමා ගැසුවේය.
ප්රබල මන්ත්ර බලයෙන් බලගැන්වූ දුම්මල, පන්දමේ ඇවිලෙන සාමාන්ය ගිනිදැල් අතරින් විසි වී යද්දී විශාල ගිනි බෝල ලෙස ඉදිරියට පිටවිය. එම ගිනිදැල් දුම්මල වලට කා වැදුණු ප්රබල මන්ත්ර බලය නිසා අපායේ ගිනිදැල් බවට පරිවර්තනය වී දැවැන්ත ගිනි බෝල ලෙසින් මුළු ප්රදේශයම ඒකාලෝක කරමින් අඳුරු අවතාර වලට පහර දුන්නේය. සීයා එලෙස මේ අත පනිමින් දිව යමින් අපායේ ගිනිදැල් වලින් අඳුරු අවතාර වලට පහර දුන්නේ කෝපාවිෂ්ට වූ ව්යාග්රයෙකු මෙනි. ඒ අතරතුර අචිනි දෙසට වේගයෙන් එන අඳුරු අවතාරයක් අනිල් දුටුවේය. එම අවතාරය අඳුරු දුමාරයක් සේ වූ අතර බියකරු මුහුණක් ද තිබිණි. වහා ක්රියාත්මක වූ අනිල් තදින් වැළඳගෙන සිටි අචිනිව අනික් පසට හරවා අනිල් ගේ පිට අවතාරය පැමිණෙන දෙසට හැරෙව්වේය. බියකරු ලෙස යටිගිරියෙන් කෑ ගසමින් වේගයෙන් ආ අවතාරය අනිල් අසලට ලංවීමට නොහැකිව නැවත පසුබැස්සේය. සීයා එල්ල කරන ලද අපායේ ගිනිදැල් ප්රහාර වලින් බැටකෑ අඳුරු අවතාර යටිගිරියෙන් කෑ ගසමින් හිස් ලූ ලූ අත පලා ගියේය.අචිනිට මේ කිසිවක් පෙනුනේ ද ඇසුණේ ද නැත. ඇය දුටුවේ දුම්මල ගසමින් එහෙ මෙහේ දුව පනින සමන් කොලුවාගේ ශරීරයට ආවේස වූ සීයා සහ තමා වැළඳ සිටින අයියා පමණි. සියලු අවතාර පලා ගිය පසු සීයා අචිනි සහ අනිල් අසලට පැමිණ.
සීයා: කොලුවෝ.. උඹ නංගිවත් එක්කගෙන ඉස්සරවෙයන්. මම පිටිපස්සෙන් එන්නං. අනිල් විදුලි පන්දම දල්වා සීයා අතට දුන්නේය. එසේ කළ අනිල් පහත් වී තම නැගණියව දෑතින් ඔසවාගෙන ඉස්සර විය. අචිනිද අයියාගේ කරවට අත දමා එල්ලී සිටියේය. සීයා ඔවුන් දෙදෙනා පිටිපසින් විදුලි පන්දමද තවමත් ගිනිදැල්වෙමින් තිබූ දුම්මල ගැසූ පන්දමද රැගෙන ආවේය.
ඔවුන් නිවසට පැමිණෙන විට ආච්චි විසින් නයනාව පුටුවක හාන්සි කරවා පවන් ගසමින් සිටියේය. නයනා සිටියේ සිහියක් පතක් නැතුවයි. තම දියණිය දුටු සැනින් වහා පුටුවෙන් නැගිට ඇය වෙත ගොස් දියණිය වැළඳගෙන මහ හඬින් අඬන්නට විය. සීයා අනිල්ව පසෙකට කැඳවා.
The descriptive storytelling remains a highlight in this installment, solidifying its place as a featured entry in the Wal Katha 2026 collection. By emphasizing the authentic emotional shifts and the atmospheric tension within the household, the author ensures that fans of professional local fiction are treated to a gripping and immersive experience.
සීයා: කොලුවෝ.. අවතාර ගැන එහෙම නංගිට කියනව නෙවෙයි. කෙලි බය වෙයි. උඹ දකින්න ඇතිනේ අවතාර.
කෙලී ඇහුවොත් මොකක්ද උනේ කියලා උඹ කියපන් සීයා යාතිකාවක් කරා කියලා. එසේ අනිල්ට උපදෙස් දුන් සීයා නයනා අසලට ගොස්.
නයනා: දරුවෝ දැන් බය වෙන්ට කාරියක් නැහැ. . ඔය දරුවා හෙට දේවාලෙට එන්න ඕන. මට උඹත් එක්ක කතිකාවක් කරන්න තියෙනවා. උනේ මොකක්ද කියලා හෙට මම කියන්නම්. කොලුවගෙන් මුකුත් අහන්න යන්න එපා. දැන් පලයල්ලා කාලා නිදාගනිල්ලා.
සීයා එසේ පැවසූ විට අනිල් අචිනි සහ නයනා තිදෙනා ම වලව්ව තුළට ගියේය.
ඔවුන් පිටව යනතුරු සිටි සීයා ආච්චී අමතා.
සීයා: මැණිකේ.. මේ කොලුවගෙන් සතියක් යනකල් කිසිම වැඩක් ගන්න එපා. මේ කොලුවගේ සත්තිය සෑහෙන්න වැය කරන්න උනා මට.
සීයා පැවසුවේ තමන් දෙසටම ඇඟිල්ල දික් කරගනිමින් ආවේශ වී සිටි ශරීරය වන සමන් පිළිබඳවය.
ආච්චි: ඇයි අපේ මහත්තයා.. මොකද උනේ..
සීයා: කෙලිව බිලිගන්ට ආපු අවතාර දෝස එළවන්ට වුණා. මැණිකේ මේ ගැන දැන්ම හිතින් අමතක කොරනවනම් හොඳයි. , දරුවගෙන්වත් ළමයි දෙන්නගෙන් වත් මේ ගැන හාරවුස්සන්ට යන්ට එපා.
නයනා අනිල් අචිනි තිදෙන නිවසට ඇතුළු වූ පසු නයනා අනිල්ගෙන් කුමක්ද සිදු වුණේ යැයි ඇසුවේය.
අනිල් කිසිවක් නොපවසා නිහඬව සිටියේය.
නිවස තුළ විදුලි බුබුළු ආලෝකයෙන් දෑස් වටේ කළු පැහැති අඳුන ගා සිටි අනිල්ගේ මුහුණ අචිනි දුටුවේය.
අචිනි: මේ මොනවද මේ ගාගෙන ඉන්නේ.. සුදු මහත්තයා ඔයා පැන්ඩෙක් වගේ..
අනිල් දෙස බලා පැවසුවේ සිනාසෙමිනි
අනිල් අඳුන ඔහුගේ දෑස් වටා විශාල රවුම් දෙකක් මෙන් ගහගෙන සිටි නිසා ඔහුගේ මුහුණ පැන්ඩෙකු මෙන් දිස් විය.
මෙතෙක් වේලා හිතේ දුක තද කරන් සිටි අනිල්
තම නැගණිය සිනහවෙනවා දැක ඇයට කිසිදු කරදරයක් නොවී ඇති බව දැනගෙන. මහා හඬින් හඬා වැටෙමින් ඇයව තදින් වැළඳගෙන ඇයගේ මුළු මුහුණම සිඹිමින්.
අනිල්: අනේ මගේ රත්තරනේ… මම හිතුවේ ඔයාව මට නැති උනා කියලා මගෙ පන… මම බයෙන් හිටියෙ සුදු නෝනා..
ඇයි ඔයා මේ රෑ ඇලට ලඟට ගියේ..
අචිනි: මම ඇල ලඟට ගියේ රෑ නෙමෙයි හවස.මට ඔයාව නැති උනානේ.. මට දුක නිසා මම ගියේ.. මම ඇස් පියාගෙන හිටිය නිසා මට කලුවර වෙනවා දැනුනෙ නෑ..
අචිනි හඬමින් පැවසුවේ අනිල්ගේ ගෙලෙහි මුහුණ සඟවාගෙනය.
අනිල්: මාව ඔයාට නැති උනේ නෑ මගෙ සුදු මැණික..
අනිල් ගේ සිතේ නැගණියට ඇති ආදරය කොතරම්දැයි නයනා මේ අවස්ථාවේදී දුටුවේය.එය දුටු ඇයටද දුක ඉවසාගත නොහැකිව ඇයද පැමිණ ඔවුන් දෙදෙනා වැළඳගෙන ඇඬුවේය.
නින්දට යාමට පෙර දරුවන් දෙදෙනාටම තේ සදා දුන් නයනා අනිල්ට කතා කිරීමට උත්සාහ කරත් ඔහු මවත් සමග කතා කරේ නැත.
අනිල්: අද නංගිව අම්මිගේ කාමරේ තියාගන්න.
අනිල් මවට කී එකම වචන පේළිය එය විය.
Experience the full intensity of the latest events in Ammage Kamarishtaya – 27 and follow our site for the upcoming chapters. For those looking for a wide variety of engaging content, our Wal Kata section provides a dedicated space for the most popular and well-written stories currently trending in the creative scene.









Leave a Reply